විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල නිරත වූ 23 හැවිරිදි තරුණයෙකු වූ Majidreza Rahnavard ඉරානයේදී ප්‍රසිද්ධියේ එල්ලා මරා දමා ඇති බවයි. තවදුරටත් ඔවුන් පවසන්නේ මළ සිරුර භූමිදානය සඳහා පවුලේ සාමාජිකයින් සුසාන භූමිය වෙත යන අවස්ථාව වනවිටත් බලධාරීන් දේහය මිහිදන් කර තිබූ බවයි.
ඔහුට එරෙහිව මරණ දඬුවම නියම කර ඇත්තේ අත්අඩංගුවට ගෙන දින 23 කින් පසුව බවත් අදාළ තරුණයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන තෙක් ඒ සම්බන්ධයෙන් තරුණයාගේ මව දැනුවත් කර නොතිබුණු බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මවගේ බලාපොරොත්තුව තිබුනේ ඔහු හැකි ඉක්මනින් නිදහස්ව තමා වෙත එනු ඇති බවය.
