
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
එලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබූ අවස්ථාවේදීය. මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. නඩුව ලබන ජූනි මස 19 දින යළි කැඳවීමට නියම විය.