උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බව එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේය.
මේ අතර, අද (21) සහ හෙට (22) දිනවලදී ද පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
