
රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මාසයේ වැටුප් වහාම ගෙවන ලෙසට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එම වැටුප් නොගෙවීමට එරෙහිව විරෝධය පළකරමින් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එමඟින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ එම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවන ලෙස ණ්ඩුවට බලකර සිටින බවත් එය එසේ නොවුණ හොත් මූලික අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුළදී ගන්නා බවත්ය.