විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී තිබෙන ආකාරයට හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ජෝර්දානය කේන්ද්‍ර කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවෙමින් පවතී .
යම් අයකු විදේශ රැකියා සඳහා යොමුවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ලෙසද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විදේශ රැකියා ජාවාරම්කරුවන් සම්බන්දයෙන් තොරතුරු පවතී නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 011- 2864241 අංකය ඔස්සේ විමර්ශන අංශය අමතා හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු මධ්‍යස්ථානය ඇමතීමෙන් තොරතුරු ලබාදෙන මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.