විදෙස් රටවලින් ගේන බෙහෙත් කොහොමත් නැහැ.. ලංකාවේ හදන බෙහෙත් වර්ග 65 කුත් නැහැ.
විදෙස් රටවල් වලින් ලංකාවට ගෙන්වන මූලිකම බෙහෙත් ගණනාවක් ලංකාව පුරා රෝහල්වල රෝහල්වල නොමැති තත්ත්වයක් තුල ජලභීතිකා එන්නත සිහි නැති කිරීමේ එන්නත පවා නැති තත්ත්වයක් තුල ලංකාව තුන් නිෂ්පාදනය කරන බෙහෙත් වර්ග පවා නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ..දේශීය ඖෂධ නිෂ්පාදනකරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබන (Tab – Capsul) අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 65ක හිඟයක් මේ වන විට රජයේ රෝහල්වල පවතින බව වාර්තා වේ.
මෙවැනි තත්ත්වයක් උදාවී තිබෙන්නේ නිසි කළමනාකාරිත්වයකින් ඖෂධ සැපැයීමට අපොහොසත්ව ඇති බැවින් යැයි කියති.
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ අතර අපස්මාරය සඳහා භාවිත කරන Sodium Balproate ඖෂධය, ඒ වගේ ම තැලසීමියා රෝගය සඳහා භාවිත කරන Deleyassirox, හෘද රෝග සඳහා භාවිත කරනු ලබන Clopidogred ඇතුළු ඖෂධ 65ක් රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති අතර, පුදුම සහගත කරුණක් වන්නේ මෙම දේශීය ඖෂධ නිෂ්පාදකයන් රජයේ සමග ගිවිසුමකට එළැඹ තිබියදී (Bay – Back agreement) ඖෂධ නිෂ්පාදකයන්ට නිසි කලට වේලාවට ඒවා සැපැයීමට නොහැකිවී තිබීම බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.
දේශීය ඖෂධ නිෂ්පාදකයෙකු වෙත අයිතමයක් ප්‍රදානය කරනු ලබන පිළිගත් ක්‍රමවේදය වන්නේ ප්‍රථමයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ලියාපදිංචිය ලබාගත් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ මිල කමිටුවට ඉදිරිපත් කර අදාළ මිල අනුමැතිය ලබාගත් පසු ‘ඉන්ඩෙන්ටුව’ ප්‍රදානය කිරීමයි. නමුත් මෙම ක්‍රමවේදය උල්ලංඝණය කරමින් පසුගිය රජයේ ඖෂධ නිෂ්පාදන සැපැයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කන්ද උඩරට පිහිටි එක්තරා සමාගමක් සඳහා ලියාපදිංචිය නොගෙන;
SODIUM CHLOR RIDE & Glucose Intravenous Infusion BP 0.45%5% W/V 500ml,
Glucose Intravenous Infusion 25% W/V 25ml,
Glucose Intravenous Infusion 50% W/V 50ml,
Magnesium sulfate Injection BP 50% M/V 10ml,
Potassium Chloride 15% injection 10ml,
ඖෂධ වර්ග 5 සඳහා අමාත්‍යංශ මිල අනුමැතිය ලබාගෙන තිබේ.
එමෙන් ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් නිසි කලට ආනයනය කිරීමට තිබූ මෙම අයිතමයන් ද නවත්වා ඖෂධ හිඟයක් මවා ඇතැයි ද කියති.
ඉහත සඳහන් ඖෂධ වර්ග 5 නියම කලට සැපැයීමට ද සැපැයුම්කරු අපොහොසත් වී ඇති බව ද වාර්තා වේ.
මේ නිසා බාහිර රෝගී අංශය හා සායන කරගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන ඔබට රෝහල්වලින් වාර්තා වේ.
ඒ වගේ ම, මේ වන විට වැඩ අවසන් කර NMRA ආයතනයේ තිබෙන අති නවීන ඖෂධ නිෂ්පාදනාගාරයට ඉහත කී ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 250ක් පමණ සැපයීමට හැකියාව ඇති අතර ඔවුනට ද මිල නියාමන කමිටු අනුමැතිය ඉක්මන් කර ලබා දී ඖෂධ වෙළෙඳපොළට ඉක්මනින් ගෙන යාමට ඇති හැකියාව අමාත්‍යංශ ඉහළ නිලධාරීන් සොයා බැලිය යුතු බව ඖෂධ නිෂ්පාදන ආයතනවල අය කියති.
මේ මගින් රජයට එක් දේශීය නිෂ්පාදකයෙකු මත පමණක් ම එක් අයිතමයක් සඳහා රැඳී සිටිය යුතු නැති අතර තරගකාරිත්වය තුළින් මිල පහළ හෙළීමටත්, ගුණාත්මකභාවය ඉහළ දැමීමටත් හැකියාව ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.
ඉහත කී රාජ්‍ය අමාත්‍යංශයේ එවකට සිටි නිලධාරියා වර්තමානයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන බව ත් මෑතක ඔහු විසින් කරන ලද EOI ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලියද අසාර්ථක වී ඇති බව ත් කියති..