විදුහල්පතිනියගේ වේවැල් පහරින් රෝහලේ නතර වූ සිසුවියෝ

පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට චෝදනා කරමින් වයස අවුරුදු 10 -12 සහ 14 යන වයස්වල පසුවන සිසුවියෝ තිදෙනෙක්ට වේවැලකින් පහර දීමේ පුවතක් උරගස්මංහන්දිය ප්‍රදේශයෙන් විදුහලකින් වාර්තා වේ.

එම සිසුවියන් තිදෙනා මේ වනව්ට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සිසුවියන් තිදෙනා පවසන්නේ ඔවුනට වේවැල් පහර දුන්නේ විදුහල්පතිනිය සහ පාලකවරිය බවයි.

එම විදුහල පවත්වාගෙන යනු ලබන්නේ විදේශීය ආධාර මත වන අතර විශේෂත්වය වන්නේ එහි පාලකවරිය විදේශීය කාන්තාවක් වීමයි.

සිසුවියන්ගේ මවුපියන් උරගස්මංහන්දිය පොලීසියට මෙම සිදුවීම පැමිණිලි කර තිබෙන අතර
පැමිණිලි අනුව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවයි පොලිසිය පවසයි.