විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ දෙදෙනෙකුට ගුටි බැට

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට දිවුලපිටිය ගොඩිගොමුව ප්‍රදේශයේදී පහරදීමක් සිදු කර ඇත.

ඊයේ (19) රාත්‍රියේ පවත්වන්නට කටයුතු සංවිධානය කර තිබූ විරෝධතාවක් නොපවත්වන ලෙස බල කරමින් රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයකු සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් එම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.

බඩල්ගම පොලිසිය පවසන්නේ විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකු විසින් පහර දීමක් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.