
විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමඟ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකුගේ සමීපතමයකු අත්අඩංගුවට පත්ව තිබේ. 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේදීය.
පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.
සැකකරු සන්තකයේ තිබී ඇති ගිනි අවිය සහ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිසියට බාර දී ඇත.