වැල්ලවත්ත මුහුදු වෙරළේ මළ සිරුරක්

වැල්ලවත්ත මුහුදු මාවත ඉදිරිපිට මුහුදු තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබේ. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 60ත් 70ත් පමණ වන උස, කෙට්ටු සිරුරක් හිමි තළෙළු පුද්ගලයෙක් බව පොලිසිය පවසයි. උඩු රැවුල තරමක් වවා ඇති අතර කොණ්ඩය කොටට කපා ඇත. හිස මුදුනේ තට්ටය ඇති බව ද හමු වන විට මළ සිරුර නිරුවත්ව තිබුණු බව ද පොලිසිය පවසයි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.