
වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා පලාගොස් තිබේ. අදාළ පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ එම සිදුවීම ඊයේ (07) රාත්‍රියේ සිදුව ඇති බවය.
වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවත් එය විදෙස්ගත පුද්ගලයකු විසින් එම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවත් පොලිසිය සැක කරයි.
වෙඩි වැදීම නිසා තුවාල ලැබූ තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.