වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගත වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.