පසුගියදා අවසන්වූ T20 ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු කාන්තාවන් හමුවීමට චාමික වැඩි අවධානයක් යොමුකර ඇති බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදහස් පළකරමින් කියා සිටිනවා. ඔහු පවසන්නේ චාමික ඇතැම් අවස්ථාවල අසනීප බව පවසමින් පුහුණු සැසි කිහිපයක්ම මගහැර නවාතැන් ගෙන සිටි හෝටලයේ කාන්තාවන්ට නවාතැන් පහසුකම් ලබාදීමටත් කටයුතු සිදුකර ඇති බවයි.
තවද ඔහු පුහුණු සැසි වලට නොපැමිණි දින වල හෝටලයේ CCTV දර්ශන ලබා ගැනීමට සූදානම් වන බවත් ඔහු ක්‍රීඩාවට අවධානය යොමු නොකරන බව පුහුණුකරු කියා සිටි බවත් කියා සිටියා.
