
අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය මඟින් මහජනතාවට දන්වා තිබේ. දුරකතන අංක 070 350 0525 ඔස්සේ සහ වට්ස්ඇප් ඔස්සේ ද මෙම වාහන පිළිබඳව දැනම් දෙන ලෙස ඉල්ලා සිටී.
සෑම මසකම අවසාන සතියේදී කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදුකරන අතර පසුගිය මස සිදුකරන ලද පරීක්ෂාවෙන් බස් රථ 40%කට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාවෙන් අසමත් වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
පෞද්ගලික බස් රථ පමණක් නොව ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන සහ පොලිස් වාහන සම්බන්ධයෙන් ද මෙබඳු පැමිණිලි රැසක් ලැබී ඇතැයි වාර්තා වේ.
දුම් පරීක්ෂාවෙන් අසමත් වන වාහන දින 14ක කාලයක් ඇතුළත වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත යොමුකර අදාළ පරීක්ෂාවන් සිදුකරනොගන්නේ නම් ඒවායේ ආදායම් බලපත්‍ර අසදු ලේඛනගත කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි.ජී. දසුන් ජනක මහතා කියා සිටියේ, පසුගිය වසර කිහිපය තුළ සිදුකළ නිරීක්ෂණවලින් දුම් පිට කරන වාහන ප්‍රමාණය වැඩි වී තිබෙන බවයි.