ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියමකර තිබේ. නජිබුල්ලා සර්ඩ්‍රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් තම අසතුට පළකර විරුද්ධත්වය පෙන්වීම මෙයට හේතුව වශයෙන් දක්වා ඇත.
I.C.C.චර්යාධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම දඩය පනවා ඇති අතර තරග ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් නියම කර,ඔහුට එක් අප්‍රසාද ලකුණක් ද ලබා දී තිබේ.
