වකුගඩු ජාවාරම් හඳුනාගැනීමේ පෙරට්ටුව 03 වැනිදා

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී නීතිවිරෝධීව සිදුකළ වකුගඩු ජාවාරමට අදාළ ලිපි ලේඛන තම භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට කරුණු වාර්තා කළේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (13) අධිකරණය හමුවේ යලි කැඳවූ අවස්ථාවේදී හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 03 වැනිදා කල්තැබීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ පෙරට්ටුවට අදාළ සාක්ෂිකරුවන් 6 දෙනාගෙන් 5දෙනකු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙනි. සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කළේය.