ලෝක බලවතා සිරියාවට පහර දෙයි

අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) රාත්‍රී සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මිය ගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුවය.