
විහිළුවක සීමාව පලා ගිය පසු එය තවදුරටත් විහිළුවක් නොවෙයි.මෑතකදී ඔස්කාර් සම්මාන වේදිකාව උණුසුම් කල විල් ස්මිත්ගේ කනේ පහර ඊට හොඳම නිදසුනකි.තම බිරිඳ ජේඩා පින්කෙට් ස්මිත් බොහෝ කලක සිට හිස කෙස් ගැලවී යාමේ රෝගයකින් පීඩා විඳින බව පසුව ඔහු සඳහන් කලත් ක්‍රිස් රොක්ගේ නොමනා විහිළුව ස්මිත්ගේ හිත තදින් පාරන්නක් වූවා. කෙසේ නමුත් මේ වන විට ලොව පුරා කතා බහට ලක් වී ඇති මෙම ආන්දෝලනාත්මක සිදුවීමට බොහෝසෙයින් මතභේදාත්මක කතා ලියවුනත්,ඒ සියල්ලක්ම යොමු වුනේ විල් ස්මිත් සහ නිවේදක ක්‍රිස් රොක් වෙතටයි..
එහෙත් එවන් පසුබිමක ජේඩා පින්කට් ස්මිත් ගැනයි මේ අවධානය..
ජේඩා කොරෙන් පින්කට් ස්මිත් 1971 සැප්තැම්බර් 18 වනදා මේරිලන්ටඩ් බැල්ටිමෝර් හි උපත ලදී. ඇගේ මව ඒ වන විට බැල්ටිමෝර් නගරයේ අභ්‍යන්තර සායනයක ප්‍රධාන හෙඳිය වූ ඇඩ්‍රියන් බැන්ෆීල්ඩ් වන අතර පියා ඉදිකිරීම් සමාගමක් පවත්වා ගෙන ගිය රොබ්සෝල් පින්කට් ය..
සිය මව සහ මිත්තනිය සමඟ හැදී වැඩුණු පින්කට් කුඩා කල පටන් රංගන කලාවන් පිලිඳව උනන්දුවක් දැක්වීය.
ඒ අනුව ඇය පිළිබඳව වැඩි කතා බහකට ලක් වන්නේ නිළියක් ලෙසිනි. ඒ හැඳින්වීම ඇයට වඩාත් සුදුසු වන්නේ ජේඩාගේ ජීවිතයේ වැඩි ඉඩක් ලබා දී තිබෙන්නේද කලාව සඳහා නිසාවෙනි. ජේඩාගේ රංගන භූමිකාවන් අතර
True Colors (1990), Menace II Society (1993), Set It Off (1996), The Nutty Professor (1996), Scream 2 (1997), Ali (2001)True Colors (1990) Collateral (2004), මැඩගස්කර චිත්‍රපට (2005-2012), Hawthorne (2009-2011), Magic Mike XXL (2015), Bad Moms (2016), Girls Trip (2017) සහ Alngel(2017) ප්‍රධාන තැනක් ගනී.
නිළියක් ලෙසින් වැඩ් ප්‍රසිද්ධියට පත්වූවත් ජේඩා නිශ්පාදිකාවක් ලෙසින් සිය කලා ජීවිතය ඉදිරියට ගෙන ගියාය. එමෙන්ම ඒ අතරට, නිවේදිකාවක්,ගායිකාවක්,තිර රචිකාවක් ලෙසින් ද ඇය ප්‍රසිද්ධියට පත්ව සිටියාය.
2002 දී ඇගේ සංගීත දිවිය ආරම්භ වන්නේ heavy Metal සංගීත කණ්ඩායම සමඟයි.ජේඩා පින්කට් ගේ සංගීත ගමනේ වැදගත්ම ජයග්‍රහනය නම් 2010 දී ඇය
Broadway musical Fela හි නිෂ්පාදකවරියක් ලෙස හොඳම සංගීතය සඳහා ටෝනි සම්මානය සඳහා නිර්දේශ වීමයි.
එපමණක් නොවෙයි 2004 දි ප්‍රකාශයට පත්කරන ලද Girls Hold Up This World නම් ළමා පොත වෙනුවෙන් The New York Times Best Seller ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයට ඇගේ නම පත් වීමද විශේෂ කාරණාවකි.

කලා කටයුතු තුලින් සිය ජීවිතයේ වැදගත් සංධිස්තාන රැසක් හිමිකරගත් ජේඩා පින්කට්ගේ ඔබ නොදත් තවත් වැදගත් පැතිකඩක් වන්නේ ඇගේ ව්‍යාපාර කටයුතුයි.Westbrook inc හි නිර්මාතෘවරිය වන ඇය කාන්තා නිෂ්පාදනයන් තුලින් සිය ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබයි..
සිය ජීවිතය තුළ ඇය හදාරන සෑම අංශයකින්ම පාහේ විශේෂ දක්ශතා පිළිබිඹු කරන ජේඩා පින්කට් තම ජීවිතයට වටිනාකම් ගණනාවක් එකතු කර ගත් තැනැත්තියක් ලෙස නම් කල හැකිය
1994 දී රූපවාහිනී වැඩසටහනක් වන Fresh Prince Of Bell Air හි දර්ශන තලයේදි ජේඩා පින්කට් හට විල් ස්මිත් ව මුණ ගැසෙන්නේ එහි රූ ගත කිරීම් අතරේදීයි.එහි පෙම්වතුන්ගේ චරිත නිරූපණය කල දෙදෙනා එයින් පසු සැබෑ ජීවිතයේදීද පෙම්වතුන් බවට පත්විය.
1997 දී විල් ස්මිත් සමඟ විවාහ වන ඇය ඔහු සමඟ සිය ජීවිතය ප්‍රේමණීයව ගෙවා දමයි.ඒ අනුව ඔවුන්ට දාව “ජේඩන්” විලෝ” නමින් දරුවන් දෙදෙනෙක්ද වන අතර විල් ගේ පෙර විවාහයේ පුත් ට්‍රේ ස්මිත්ගේ සුළු මව ලෙසින්ද ජේඩා පින්කට් ස්මිත් පෙනී සිටියි..
කෙසේවෙතත්,මේ වනවිට ලොව පුරා
කතා බහට ලක්වන ඔස්කාර් සම්මාන උලෙළේදී සිදුවුණු සිදුවීම තුලින් ජේඩා ස්මිත් හිස කෙස් ගැලවීයාමේ රෝගයකින් පීඩා විඳින බව ලෝකටම නොරහසකි.
ඇය මේ පිළිබඳව 2018 දී සිය instragram පිටුවෙහි සඳහන් කර ඇති අතරම ඇයට ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වන ” ඇලෝපීසියා ආරේටා” ඇති බව හඳුනාගෙන ඇති බව වැඩි දුරටත් කියා සිටියාය. රෝගයට බොහෝ වෛද්‍ය පරීක්ශන සිදු කළත් තවමත් ඊට හේතුවක් සොයා ගැනීමට නොහැකි වුණු බව ඇය පවසයි. එහෙත් ජේඩා ස්මිත් පවසන්නේ එය ආතතිය නිසා හටගන්නක් කියා සැක කරන බවයි.
කෙසේ වෙතත් ඔස්කාර් සම්මාන උළෙලේදී තම විල් ස්මිත්,නිවේදක ක්‍රිස් රොක් කට එල්ල කල කනේ පහර ජේඩා කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි.විල් ස්මිත් පසුව ඔහුගේ ක්‍රියාවට හේතුව කියා සිටි අතර එය සැබවින්ම කවුරුත් මවිතයට කළ ප්‍රකාශයකි.
සමාජ මාධ්‍ය තුල වේගයෙන් පැතිර ගිය මෙම පුවත නිසා ක්‍රිස් රොක් හා විල් ස්මිත්ගේ ජීවිත පිළිබඳව අනාවරණය වුවත් ජේඩා පින්කට් ස්මිත් පිළිබඳව නොදත් කරුණු රැසක්ද එයින් මතු විය.
බැඳීමක වටිනාකම තීරණය වන්නේ තමා තම ලබැඳියා වෙනුවෙන් සිදු කරන ක්‍රියා මතයි. ස්මිත් දෙපලගේ ජීවිතය සතුටින් ගෙවෙන්නට අපි ද ආශිර්වාද එක් කරමු..
සචිනි සත්සරණි