ලෝකයම කතා කරන විස්මිත ආමේනියාව

දසුනෙන් දුරස් නම් මනසින් ද දුරස් ය. මේ ප්‍රකට කියමන ඔබ කොතෙකුත් අසා ඇතුවාට සැකයක් නැත. එසේ වුවත් මේ අපූරු කියමනට උරුමකම් කියන රට ගැන නම් ඔබට එතරම් මතකයක් තිබේදැයි සැක සහිතය. මෙවැනි අපූරු කියමන් දහස් ගණනක් උපත ලැබුවේ ආර්මේනියාවේ බව ඔබ දන්නවාද ?

ආමේනියාවේ පිහිටීම www.amnesty.org

තුර්කියට බටහිරට වන්නටත්, ජෝර්ජියාවට උතුරට වන්නටත්, අසර්බයිජාන් දේශයේ නැගෙනහිරට වන්නටත්, ඉරානයට දකුණට වන්නටත් වශයෙන්  පිහිටා ඇති අතිසුන්දර දේශයක් ලෙස අන්තර්ජාතික පිළිගැනීමට ලක්ව ඇති ආර්මේනියාව සංචාරකයන්ගේ ජනප්‍රියතම ගමනාන්තයක් ලෙසටද ලොව ප්‍රකටය.

සිත්ගන්නා සුළු භූ විෂමතාවත් ,නිරතුරුවම ගතට හිතකර සෞම්‍ය කාලගුණයත් ආමේනියාව ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්කොට තිබේ.

සියවස් ගණනාවක පෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මේ සුන්දර දේශය කෙරෙහි සෑමවිටම ලෝක සංචාරක ප්‍රජාවගේ අවධානය  යොමු වී ඇති අතර, අලංකාර භූ දර්ශන, එරට ආවේනික ආහාරපාන සහ සංස්කෘතිය ගවේෂණය කරමින් අන්තර්ජාලයේ සැරිසරන සංචාරකයෝ මෙම රටට වශීකෘතව සංචාරය  සඳහා පෙළඹෙති.

ස්වභාවය දහමේ දසුන් එක් කළ භාණ්ඩාගාරය ලෙස ද ආමේනියාව විරුදාවලිය ලබා තිබේ.එතරමටම අයස්කාන්ත ස්වභාවික දසුණෙන් පිරි ආමේනියාව ඉතිහාසයේ නිහඬ පෞරාණික සාක්ෂි රැසකට හිමිකම් දරයි.මෙම අලංකාර ඉතිහාස සාක්ෂි දැකබලා විඳගනු පිණිස දහස් ගණනක් දින්කට ආමේනියාවට පැමිණේ.

ආහාර රටාව.

ඉතාමත් සරල පොදු ආහාර රටාවකට උරුමකම් කියන ආමේනියානුවන් ආගන්තුක සද්කාර විෂයෙහි ප්‍රමුඛන් ලෙස හැඳින්වීමට හැකිය.

ආර්මේනියානු  ආහාර Khinkali

සෑම ආමේනුයානුවකුම ජාතික ආහාර පිළියෙල කිරීමට දැන සිටිය යුතුයැයි ආමේනුයානුවන්ගේ විශ්වාසයකි.ඉන් කියැවෙන්නේ ආගන්තුක සැමට ජාතික ආහාරයකින් සංග්‍රහය කිරීමට සියලුදෙනාට හැකිවිය යුතු බවය.වඩාත්ම ජනප්‍රිය ආර්මේනියානු ජාතික ආහාර වර්ග අතර කෙබාබ්ස්, කයියුෆ්ටා ඇතුළත් වේ.ඉතා රසවත් පිරවුම් සහිත පේස්ට්‍රි සග පයි වර්ග ආමේනියාවේදී වෙනස්ම ප්‍රණීත රස සමඟ ආහාරයට ගැනීමට එහි යන ඕනෑම අයකුට දුලබ වරමක් හිමිවෙයි.

ලෝකයේ බහුලවම භාවිත කරන පලතුරු සහ එළවළු වර්ග සියල්ල ආර්මේනියානු  ආහාර වේල සඳහා ඔවුන් එක් කර ගනිති.සංචාරකයන් වෙනුවෙන් සහ එරට අධ්‍යාපනය ලබන දහස් ගණනක් සිසුන් වෙනුවෙන් වෙන්වූ ආහාර අවන්හල් තුළදී ළෙන්ගතු පිළිගැනීම සමඟ උණුසුම් ආහාරයක රස විඳගැනීමට සැමට අවස්ථාව උදාවේ.

ආරක්ෂාව

මේවනවිට ලෝකයේ ඇතැම් රටවල නිමානොවන.මට්ටමේ යුධ වාතාවරණයක් පවතී.යුක්රේනය,බෙලරූස් සහ රුසියාව අවට යුධමය තත්ත්වය මේ සඳහා සරල උදාහරණයකි.නමුත් ආමේනියාව සෑම අවස්ථවකකදීම ඉතා සාමකාමී රටවල් අතර ප්‍රමුඛතම රාජ්‍යයකි.එරට පවතින කිතු දහම සමඟ බැඳුණු අවිහිංසාවාදී දිවිපෙවෙතත්,දැහැමි රාජ්‍යයයක ඇති පොදු ලක්ෂණත් ආමේනියාව තුළ ගැටුම් ශූන්‍ය කර තිබේ.

එමෙන්ම ආර්මේනියාව යනු අපරාධ ඉතාමත් අඩු ලොව ආරක්ෂිතම රටවල් අතරින් එකක් බව අන්තර්ජාලයේ සැරි සරමින් ඔබටම සොයාගත හැකිවනු ඇත. විශේෂයෙන් ගිම්හාන සෘතුවේදී මැදියම් රැය දක්වා ආර්මේනියාවේ වීදි පුරා සක්මන් කරමින් සිරි නරඹන සංචාරකයන් විශාල ප්‍රමාණයක් සැරිසැරීම  එය තවදුරටත් තහවුරු කරයි.

ආගන්තුක සද්කාර

ක්‍රිස්තියානි ධර්මය නිල වශයෙන් රාජ්‍ය ආගම ලෙස පිළිගත් පළමු රට වන ආර්මේනියාවේ ජනගහණයෙන් 97% ක්ම කිතුනුවෝ වෙති. ලොව වඩාත්ම අලංකාර දේවස්ථාන පිහිටා ඇත්තේ ද ආර්මේනියාවේය. එබැවින් එරට ඇත්තේ සාමකාමී පරිසරයකි. එහි යම්කිසි නගරයකට හෝ වීදියකට ආගන්තුක වන පුද්ගලයන්ට අවශ්‍ය සහයෝගය දැක්වීමට හා මගපෙන්වීමට ඉදිරිපත් වන්නෝ බොහෝ වෙති. ප්‍රියමනාප සිනහමුසු මුහුණින් යුතු එරට වැසියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසල්වැසියන්ට ප්‍රේම කරති. ඇරත් ඕනෑම අවස්ථාවක ජනතාවගේ සේවය වෙනුවෙන් කැපවී සිටින නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරින් ආගන්තුක සත්කාරයකට සැදී පැහැදී සිටින බව ආර්මේනියාවේ සංචාරය කර ඇති විදේශිකයෝ දනිති.

Tigranes the Great (95–55 BC) – King of Armenia – history.com

ගල් යුගය සහ ආමේනියාව

ආර්මේනියාවට ඉරානය, ඊජිප්තුව, චීනය, ග්‍රීසිය සහ ජපානය මෙන්ම වසර දහස් ගණනක නොනැසී පවතින ඉතිහාසයක් හිමිය. මෙගලිතික යුගයට (ගල්.යුගය) අයත් විවිධ නටඹුන් ආමේනියාවේදී දැක බලා අධ්‍යනය කළ හැකිය.එබැවින් ඉතිහාසය පිළිබඳ සහ ලෝක ශිෂ්ඨාචාරයේ පැවැත්ම පිළිබඳ ගවේෂණය කර්න ඉතිහාසවේදීන් ආමේනියාව තමන්ගේ ප්‍රධානතම අධ්‍යන මධ්‍යස්ථාන බවට පත්කොටගෙන තිබේ.

අගනුවර සිරි

ආමේනියාවේ අගනුවර යෙරෙවන් නගරයයි.අයස්කාන්ත කඳු පන්තීගෙන් වටවූ උද්‍යානයජ් බඳුවූ යෙරෙවාන් ලොව පැරණිත ම ජනාවාස නගරවලින් එකක් බව ඉතිහාසය සාක්ෂි සපයයි. යෙරෙවාන් නගරය ක්‍රිස්තු පූර්ව  782දී ආර්ගිෂ්ටි රජු විසින් තනන ලද්දක් බව ඉතිහාසයේ දැක්වෙයි. ඉපැරැණි රොමය ඉදිකිරීමට වසර විසි නවයකට පෙර ආමේනියාව ඉඳිකළ බව  ඔප්පු කල හැකි සාධක මේ අගනුවර බිමෙන් හමුවී තිබේ.

ආමේනියාව සහ ලෝක උරුම

ආමේනියාවේ යුනෙස්කෝ ලෝක උරුම තුනක් පිහිටා තිබේ. හග්පාත් සහ සනහින්ගේ ආරාම, එච්මියාට්සින් ආසන දෙව්මැදුර සහ පල්ලි, ස්වාර්ට්නොට්ස්හි පුරාවිද්‍යා ස්ථානය ගෙගාර්ඩ් සහ ඉහළ අසාත් නිම්නයේ ආරාමය ඒලෙස ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.ඒ අනූව බලන කල්හි ආමේනියාව ලෝකයේ උරුම සහිත රටවල් අතරට එල්වූ ඉපැරැණි අභිමානවත් සංස්කෘතියකට උරුමකම් කියන රටකි.

Yerevan State Medical University, Armenia

ආමේනියාව සහ අධ්‍යාපනය

ලෝකයේ අධ්‍යාපනය පිළිබඳ කතාබහ කිරීමේදී ආමේනියාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.ක්‍රිස්තියානි ධර්මය ක්‍රමාණුකූලව ලෝකය වෙත බෙදාහැරීම සිදුකරනු ලැබුවේ ආමේනියාව මුල් කර ගනිමිනි.එබැවින් ක්‍රමානුකූල,යාවත්කාලීන සහ ප්‍රමිතිගත අධ්‍යාපනය ලබාදෙන රටවල් අතර ලෝකය පිළිගන්නා රටක් ලෙස ආමේනියාව හඳුන්වාදිය හැකිය.
එදා පටන් අධ්‍යාපනය මූලික අවශ්‍යතාවක් ලෙස පිලිගත් ආමේනියානුවන් ඉදිකල විශ්ව විද්‍යාල මේවනවිට යාවත්කාලීනව ලෝකය පුරා සිසුනට අධ්‍යාපනයේ දොරටුව විවරකරදීම නිසාද ආමේනියාව පිළිබඳ ලෝකය ධනාත්මක ස්වරයෙන් නිරතුරුවම කතා බහ කරනු ලැබේ.ආමේනියාවේ අගනුවරවන යෙරෙවාන් හි ස්ථාපිත වෛද්‍ය විශ්වවිද්‍යාල ලෝකය පුරා දරුවන්ගේ වෛද්‍ය සිහිනය සැබෑකිරීමට මඟ තනයි.රාජ්‍ය මැදිහත්වීමෙන්  ක්‍රියාත්මක මේ විශ්වවිද්‍යාල හරහා නූතන තාක්ෂණික ක්‍රමවේද සහ යාවත්කාලීන පුළුල් විෂය දැනුම ලෝකය වෙත බෙදාහැරීමට කටයුතු කරනු ලබයි.ලෝකයේ විස්මිත විද්‍යාත්මක සොයාගැනීම් රැසකට ජන්ම භූමිය වූ යෙරෙවාන් ලෝකයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්වන්නේ මෙම විශ්ව විද්‍යාල පිහිටා තිබීම නිසාමය.ශ්‍රී ලාංකේය දුවා දරුවන් රැසක් ද යෙරෙවාන් හි පිහිටි මෙම රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාල හරහා තමන්ගේ වෛද්‍ය සිහිනය සැබෑකරගෙන තිබීම ද ආමේනියාව පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමුවීමට බලපෑ ප්‍රධාන සාධකයකි.

ලෝකයම අධ්‍යනය කරන ස්මාරක

ලොව පළමු ක්‍රිස්තියානි රාජ්‍ය ලෙස ඉතිහාසඥයන්ගේ පිළිගැනීමට ලක්ව ඇති ආමේනියාව ලොව පළමු දේවස්ථානය පිහිටා ඇත්තේ ද ආර්මේනියාවේ බව ඉතිහාසයේ සඳහන් වේ. එරට එට්ච්මියඩ්සින් නගරයේ පිහිටා ඇති ශුද්ධ වූ එට්ච්මියඩ්සින් දෙව්මැදුර ක්‍රිස්තු වර්ෂ 301 දී ඉදි කළ බව කියැවේ. එය ලොව වැඩිපුරම නරඹන වන්දනා ස්ථානවලින් එකකි. එමෙන්ම විවිධ පන්නයේ විවිධ කාලවලට අයත් ඉපැරැණි ස්මාරක රැසක් ආමේනියාවේදී දැකගැනීමට හැකිවීම සියලු සංචාරකයන් එහි පැමිණීමට පෙරැත්ත කරන තවත් සාධකයකි.

ස්මාරකයන්හි ලෝක උරුමය දරන ආමේනියාව සාහිත්‍ය උරුමයන්ද දරනු ලබන කලාකාමීන් වෙසෙන රටක් ලෙස ද ප්‍රකටය. ආර්මේනියානු වීර කාව්‍යයන් වන ඩෙයාර්ඩෙවිල්ස් ඔෆ් සසූන් සහ ඩේවිඩ් ඔෆ් සසුන් රසවත්  වීර කාව්‍යයන් ලෙස ලොව ප්‍රකටය.

භාෂාව සහ භාවිතය

ස්වකීය අකුරු හෝඩියකට සහ භාෂාවකට උරුමකම් කියන ආර්මේනියානු බස පිළිබඳ රසවත් කරුණු බොහෝය. ආර්මේනියානු භාෂාව ලොව  වඩාත්ම දියුණු බසක් ලෙස ද පිළිගැනේ. එය ක්‍රිස්තු වර්ෂ 405දී පමණ එවකට සිටි ශාස්ත්‍රධරයකු සහ යතිවරයකු වූ මෙස්රොප් මැෂ්ටොට්ස් විසින් නිර්මාණය කරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් ආමේනියා බසෙහි  මැෂ්ටොට්ස්ගේ හෝඩියට අක්ෂර 36ක් ඇතුළත්ය.ලෝකය පුරා ආමේනියානුවන් බිළියන ගණනක් විසිරී පැතිරී සිටින අතර ස්වදේශීය භාෂාව ඔවුනොවුන්  අතර භාවිතවේ.නමුත් ශීඝ්‍රයෙන් දියුණුවට පත් එරට වැසියෝ මේවනවිට බහුල ලෙස භාවිත කරනු ලබන්නේ ඉංග්‍රීසි බස වීම විදේශීය සංචාරක කර්මාන්තය දියුණුවීමට බලපා තිබේ.

ආමේනියානුවන් සහ වයින්

අමේනියාව සහ වයින් අතර ඇති බැඳියාව කොතෙක්දැයි කිවහොත් ලෝකයේ ඉපැරැණිම වයින් නිශ්පාදකයා ආමේනියානුවන් බව මේවනවිට තහවුරු කර තිබේ.වසර 2011දී ආමේනියාවේ වයින් නිශ්පාදනාගාරයක් සොයාගත් පුරාවිද්‍යාඥයන් පවසා ඇත්තේ පෘථිවියේ පැරණිතම වයින් නිෂ්පාදනාගාරය එය බවය. ආර්මේනියාවේ ගම්බද පලාතක් වන අරේනි හි එක්තරා ගල්ගුහාවකින් සොයා ගත් මේ වයින් නිෂ්පාදනාගාරය සැබැවින්ම වසර 6100ක් පැරැණි බවට තොරතුරු ලැබී ඇත.

ලොව මවිත කල ගිනස් වාර්තා

ලොව දීර්ඝතම ගුවන් ට්‍රෑම් මාර්ගය පිහිටා ඇත්තේ ද ආර්මේනියාවේය.ලෝකයේ සංචාරකයන්  පුදුමයට පත් කරවන මෙම ට්‍රෑම් මඟ ගිනස් ලෝක වාර්තාවට අනුව  දිගම නොනවතින ද්විත්ව ධාවන කේබල් මෝටර් ගමන් මාර්ගය වේ. ටටිව් ඒරියල් ට්‍රෑම් ලෙස හඳුන්වන එය දිගින් අඩි 18, 871කි.මෙය ආමේනියාවෙන් ලෝකයට දායාද කළ අපූරු විස්මජනක නිර්මාණයකි.

ආමේනියානුවන්ගේ කියමන්

‘වපුරන තරමට තමයි අස්වැන්න‘ එය ද ආර්මේනියානු කියමනක් බව සඳහන් වේ.
ආමේනියා ජනතාව මේ කියමන ප්‍රායෝගිකව ඔප්පු කරමින් සිටී.එබැවින් ආමේනියානුවෝ තම රටතුළ සියලුදේ සැලසුම්සහගතව සිදු කරනු ලබයි.අධ්‍යාපනය ගත් කළ ආමේනියාව ඉහළින්ම සිටින්නේ අධ්‍යාපනය වපුරා අසීමිත ප්‍රතිලාභ සහ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිබව ඔවුහු දන්නා බැවිනි.චීනය ,බෙලරූස්,යුක්රේණය සහ රුසියාවට විදෙස්ගත අධ්‍යාපනයට වෙනත් රටවල දරුවන් නොයවන මොහොතක ලෝකයේ බොහෝ රටවල දරුවන් අධ්‍යාපනය සඳහා යොමුවී ඇත්තේ ආමේනියාව දෙසටයි.
එය සැබවින්ම වපුරන ලද දෙයින් උපරිම අස්වැන්නක් ලබාගැනීම යන ඔවුන්ගේ කියමන ප්‍රායෝගිකව ඔස්සු කිරීමකි

Scroll to Top