ලොකුම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමුවේ

ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් ඉතා විශාල මැඩියෙකු හමුවී තිබේ.
‘Cane Toad’ නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසයි.එය ලෝක වාර්තාවක් වියහැකි බව එරට පරිසරවේදීන් පවසයි
‘Toadzilla’ ලෙස නම්කර ඇති එම මැඩියා ව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ.
මෙම මැඩියන් විශේෂ ඔස්ට්‍රේලියාවට හඳුන්වාදී ඇත්තේ 1935 දීයී.
මෙතෙක් හමුවී ඇති විශාලතම මැඩියා හමුවී තිබුණේ ස්වීඩනයෙන් වන අතර උගේ බර කිලෝ 2.65කි.