
වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රට තුළ ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් නොමැති බවත්, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගැනීම අනවශ්‍ය බවත්ය.
පසුගිය දා ශ්‍රී පාදයට ගමන් ගන්නා එරත්න මාර්ගයේ වෙළෙඳ සළක සේවය කළ කාන්තාවක් මෙම රෝගයේ සංකූලතා නිසා මරණයට පත්වීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය මේ බව පැවසීය.
ශ්‍රී පාදය වන්දනා කළ තවත් දෙදෙනෙකු මිය යාමත් සමඟ මෙම රෝගය පිළිබඳව කතාබහක් ඇති විය. එහෙත්, ඔවුන්ගේ මරණවලට හේතුව ලිස්ටීරියා රෝග තත්ත්වය බවට මෙතෙක් තහවුරු වී නොමැත.
නිසි ලෙස සකස් නොකරන ලද මාංශ, නැවුම් කිරි, පැස්ටරිකරණය නොකළ කිරි මඟින් නිපදවන ලද අයිස් ක්‍රීම්, යෝගට් වැනි නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් ලිස්ටිරීයා මොනොසියිටෝජෙනසිස් බැක්ටීරියාව ශරීරයට ඇතුළු වන බව සොයා ගෙන ඇත.