ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් දින වැඩි කළ රුපියල් පනහට වඩා වැඩි මිලකින් ලබන (5) අඩු වන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ් මහතා කියා සිටින්නේ මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල යම් අඩුවීමක් තිබෙන අතර එහි වාසිය ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට දෙන බවයි. ගෑස් පෝලීම් නැති කිරීමට තම සමාගම කටයුතු කර තිබෙන බවත් ලක්ෂ විස්සකට අධික සිලින්ඩර ප්‍රමාණයක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරීමට පියවර ගෙන තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කරයි.
එමෙන්ම පසුගියදා වැඩිකළ ගෑස් මිලට වඩා වැඩි මිලක් මෙවර අඩු කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.