ලැප්ටොප් චාජරයක් පුපුරා දරුවෙක් මියයයි.

බටපොළ, කොබෙයිතුඩුව ප්‍රදේශයේ ලැප්ටොප් පරිගණකයක චාජරය පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් 14 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, බෙන්වල පාර ඉඳිකැටිය නිවසක පදිංචිව සිටි දරුවෙකු බව පොලිසිය කියයි.

එය පුපුරණ අවස්ථාවේදී ඔහු පරිගණකය උකුලේ තබා ගෙන භාවිත කරමින් සිට ඇති බව ත් එසේ සිටියදී චාජරය පුපුරා ගොස් ඇති බව ත් පොලිසිය ප්‍රකාශ කළේ ය.

අනතුරුව සිසුවා පොල්වත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී සිසුවා මිය ගොස් තිබේ.

මේ වන විට මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අද මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.

ලැප්ටොප් චාජරයක් පුපුරා දරුවෙක් මියයයි.

Scroll to Top