ලයිට් බිල් නොගෙවූ නිසා පාරවල් කළුවර වෙයි

ලයිට් බිල් නොගෙවූ නිසා පාරවල් කළුවර වෙයි

මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ විවිධ ආයතනවලින් එම මණ්ඩලය වෙත රුපියල් බිලියන 40 ක පමණ හිඟ බිල්පත් අය විය යුතුව පවතින බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙවා නොමැති බව කියන හිඟ බිල්පත් සම්බන්ධයෙන් ද සොයාබැලීමක් සිදුකළ යුතු බවය.

මේ අතර අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළේය.

එහිදී එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස් වීරකෝන් කීවෙ අදාළ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන අතර මේ පිළිබඳ කඩිනමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කරන බවය.

එමෙන්ම විදුලිබල මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත බිල්පත් යොමු කිරීමේදී ප්‍රමාදයන් ද සිදුවන බව ඔහු සදහන් කළේය.