
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 දින පවත්වනවා ද නැද්ද සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (22) පැවැත්වීමට නියමිතය. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ද සහභාගි වනු ඇත.