ලකී ගාමිණී වානගුරු දිවියට සමු දෙයි

චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ලකී ගාමිණී වානගුරු මහතා අභාවප්‍රාප්ත වෙයි. “දමයන්ති”, “සදහටම ඔබ මගේ”, “දිනුම් කණුව” යන චිත්‍රපට ඔහු රංගනයෙන් රසිකයින් අතර ජනප්‍රිය වූ චිත්‍රපට විය.

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ අභාවප්‍රාප්ත ඩඩ්ලි වානගුරු මහතාගේ වැඩිමල් පුතු වූ ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරු මහත්මියගේ වැඩිමල් සොහොයුරාය.

ලකී ගාමිණී වානගුරු මහතාගේ අවසන් කටයුතු හෙට (25) සිදු කිරීමට නියමිතය.