ලංගම සභාපතිට ගෙදර යන්න කියයි

2005 අංක 27 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනතට අනුව පැවරී ඇති බලතල යටතේ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවකට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම් දි තිබේ. ප්‍රවාහන හා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරනු ලබන්නේ රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත ජනතාවට පහසුකම් සැලසීම හා ප්‍රවාහන සේවය නගා සිටුවීමට හා කාර්යක්ෂම කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙත අවනත නොවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි