ලංකාවේ මොණර ගහණය වැඩි වීම ස්වභාවික පද්ධතිය කෙසේ විනාශ කරයිද ?

ලංකාවේ මොණර ගහණය වැඩි වීම ස්වභාවික පද්ධතිය කෙසේ විනාශ කරයිද ?

ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මොනරු ගහනය වැඩි වෙලා..

ලෝකයේ සත්තු ගහන එහෙම වැඩි වෙන්නේ මිනිස්සු මේ ස්වභාවික පරිසර පද්ධතිය ආහාර දාමයදාමය විනාශ කරලා අවුල් කරපු නිසා ..
පෘථිවිය ඉතින් මිනිහට පමණක් කියලා හිතලා සංවර්ධනය කියන මායාවෙන් වසඟ වෙලා ස්වභාවික පරිසර පද්ධතිය සහ මුලින්ම විනාශ කරලා ක්‍රොන්කීට් වණන්තර ගහපු නිසා…

මිනිහා කරපු වැරදි වලට සත්ත්ව ගහණ වැඩි වෙද්දී මිනිස්සු කරන්නේ සත්තුන්ව මරලා දානවා…
සමහර වෙලාවට ඊළඟ සත්තු කාණ්ඩයේ පරිසර පද්ධතියෙ ආරක්ෂාව වෙනුවෙන් පරිසරවේදීන්ට පවා කියන්න වෙනව සමහර සත්තු මරලා දාන්න කියලා…

දැන් මොනර ගහනය වැඩිවීම නිසා එයා ඊලඟ පද්ධතිය සහ මුලින්ම විනාශ කරලා දානවා..
උදාහරණයක් විදිහට ලෝකයෙම මිනිස්සුන්ට මාලු නොකා ඉන්න හිතුනොත් ආණ්ඩුවට සිද්ධ වෙනවා මුහුදේ ඉන්න ලොකු මාළු ඉවත් කරන්න…

නැහැ නම් මහ මුහුදේ ඇතුලත කුඩා ජීවීන් ලොකු මාළු ගහනය වැඩි වෙලා සහමුලින්ම විනාශ වෙලා යනවා..
මතක තියාගන්න ලෝකයෙ කොතන සිද්ධ වුණත් සත්ත්ව ගහණ වැඩි වීම සිදුවෙනවනම් සිද්ධ වෙන්නේ…
පෘථිවියේ ආගන්තුකයෝ වෙන මිනිස්සු පෘථිවියෙ අයිතිකාරයෝ වෙන්න ගිය නිසා….

අපි පොඩි කාලේ මොනරෙක් දැක්කේ ට්‍රිප් එකක් ගියපු වෙලාවක.. ඒක විශේෂ දර්ශනයක්..
දැන් ලංකාව පුරා හැම ගමක් පාසාම මොණරු..
එයා ඊලඟ පද්ධතිය සහමුලින්ම ඉවර කරල දානවා.. සර්පයො ඉවරම කරල දානව…
මේ සියල්ල පෘතුවියේ මිනිහා කරපු වැරදි…

නැවත අපි මතක් කරනවා..

මතක තියාගන්න අපි පෘතුවියේ ආගන්තුකයෝ මිසක් අයිතිකරුවෝ නෙවෙයි..
ඕස්ට්‍රේලියාව ඔටුවො 10000ක් මරල දැම්ම වගේ අපිටත් මොණරු මරල දාන්න වුනොත්..
ඒ බරපතළ ඛේදවාචකය වැරදිකරු පෘථිවියේ ජීවත් වූනු ස්වභාවික පද්ධතිය විනාශ කරමින්, කැලෑ සුද්ද කරමින් එක දිගට ක්‍රොන්කීට් බිල්ඩින ගණන් ගහපු මිනිස්සු….

අනිවාර්යෙන්ම මේ මේ අපරාධ වලට පෘථිවියෙ මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවමයි…