
රටට ඇතුළු වන සංචාරකයින් සඳහා යලිත් කොවිඩ් සීමා පැනවීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
එන්නත් ලබානොගත් සංචාරකයින් ලංකාවට පැමිණෙන්නේනම් ඔවුන් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව නව මාර්ගෝපදේශයන්හි දක්වා තිබේ.
ඒ අනුව, ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගැනීම අනිවාර්ය වේ.
