ලංකාවට බිත්තර ඉන්දියාවෙන්

ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට ශ්‍රී ලංකාවට බිත්තර සැපයීමේ ටෙන්ඩරය ලබාදීමට තෝරාගත් බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

බිත්තර ආනයනකරුවන් අතර ඉන්දියාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින නිසා ඉදිරියේදී ගැටලු මතු නොවන බව අමාත්‍යවරයා කියා සිටින අතර ඒ සඳහා අවසර ගැනීමට අවශ්‍ය වාර්තා සෞඛ්‍ය අංශයට යොමු කරන බව කියාසිටී. ඔවුන්ගෙන් ඒ සඳහා අවසර නොලැබුණ හොත් බිත්තර ආනයනය කිරීමට ගතයුතු මීළඟ පියවර පිලිබඳව සොයා බලන බව පැවසීය.