ලංකාවට ආවේණික වූ තවත් සර්පයන් දෙදෙනෙක් නකල්ස් වලින් සොයා ගනී.

නකල්ස් කදුවැටියේ රිවස්ටන් හා බලංගොඩ රාස්සගල යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල ගවෙිෂණ දෙකකදි මෙරටට ආවෙිණික පාංශුවාසි සර්ප විශේෂ දෙකක් ලොවට හදුන්වාදිමට මෙරට ජේෂ්ඨ උරග හා උභයජිවි විද්‍යාඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සහ ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ උරග හා උභයජිවි පර්යේෂක,පරිනාමික ජිව විද්‍යාඥ හා සුබෙදුම් විද්‍යාඥ ආචාර්ය ඩෙිවිඩි ගෝවර් යන මහතුන් ඇතුලු පර්යේෂකයන් පිරිසක් පසුගියදා සමත්ව තිබෙි.


මෙම නව සොයාගැනිමි සමග මෙරටට ආවෙිණික සර්ප විශේෂ 108 දක්වාත්,තුඩැල්ලන් සංඛ්‍යාව 18 දක්වාත් ඉහළ යන බව පර්යේෂකයන් පවසති.
මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ඇතුලු පර්යේෂකයන් විසින් මුහුදු මටිටමෙි සිට මිටර් 1400 පමණ ඉහළින් පිහිටි නකල්ස් කදුවැටියේ රිවස්ටන් ප්‍රදේශයේදි සොයාගත් නව සර්ප විශේෂය බාහිර රෑප විද්‍යාවෙන් ඉරිවකුටුල්ලා නමි පාංශුවාසි සර්ප විශේෂයට සමානකමි දක්වන අතර මෙම නව සර්ප විශේෂය නමිකර ඇත්තේ ගුණසේකරගේ තුඩුල්ලා ලෙසය. එය ඉංශ්‍රිස් බසින් Gunasekaras Shieldtail ලෙස හදුන්වයි.
තමන් ඇතුලු පර්යේෂකයන් පිරිස මෙම නව සර්ප විශේෂය ගුණසේකරගේ තුඩුල්ලා ලෙස නමිකිරිමට හේතුවුයේ ලොව ප්‍රථම වරට ශ්‍රි ලංකා රේගුව තුල ජෛව විවිධත්ව,සංසංකෘතික හා ජාතික උරැමයන් සුරැකිමෙි අංශයක් ස්ථාපිත කර (Biodiversity Culture and National Heritage Protection Branch ) රේගුව හරහා සිදුවු ජෛව සමිපත් කොල්ලය මැඩලිමට හා මෙරට පරිසර සමිපත් මතු පරමිපරාවට රැකදිමට හිටපු රේගු අධ්‍යක්ෂකවරයකු හා පරිසරවෙිදියකු වන සමන්ත ගුනසේකර මහතාට ගෞරවයක් පිනිස බව මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා පවසයි.
“ ඇතිතෙන්ම අපි නකල්ස් කදුවැටියේ මෙතෙක් සොයා නොගත් සත්ව විශේෂ ඇත්දැයි සොයාබැලිමට පර්යේෂණ කටයුතුවල නියැලෙද්දි මෙම පාංශුවාසි සර්ප විශේෂය හමුවුනා.මම මුලින් හිතුවෙි 1929 වසරේදි පර්යේෂකයකු විසින් නකල්ස් කදුවැටියේ උතුරැ ප්‍රදේශයට වෙන්න ඇති ගමිමඩුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබු ඉරිවකුටුල්ලා කියන තුඩැල්ලන් විශේෂය කියලයි නමුත් පසුව මම මෙි පාංශුවාසි සර්ප විශේෂ දෙක වෙන වෙනම සංසංධනය කරාම තේරැමි ගියා, මෙම සතුන් විශේෂ දෙකක් කියලා ඒ අනුව තමයි අපි මෙි නව විශේෂය පිළිබදව පර්යේෂණ ආරමිභ කලේ“
මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසයි.
අලුතින් සොයාගැනුනු ගුණසේකරගේ තුඩුල්ලා,ඉරි වකුටුල්ලාගෙන් වෙන්කරගතහැකි ලක්ෂණ කිපයක් වනබව පර්යේෂකයන් පවසති.
ගුණසේකරගේ තුඩුල්ලා නමි පාංශුවාසි සර්ප විශේෂය සාපේක්ෂව අඩු දිගකින් යුක්තවිම,ඉරි නොමැති වල්ග ප්‍රදේශය,වල්ග පලිහේ ඉරිවකුටුල්ලාගේ මෙන් ප්‍රධාන නෙරිමි දෙකක් නොමැතිකම,උදරිය ප්‍රදේශය නිරික්ෂණයේදි කහපැහැති ඉරි හතකට වඩා වැඩිව පිහිටිම එම ලක්ෂණයන්ය.
මෙම නව සොයාගැනිම සදහා මෙරට කිර්තිමත් තරැණ පර්යේෂකයකු වන දුලාන් රංග විදානපතිරණ,නෙතු වික්‍රමසිංහ,ආචාර්ය ඩෙිවිඩි ගවර් යන පර්යේෂකයන්ද මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාට හවුල් වි තිබෙි.මෙි සදහා දුෂාන්ත වාසල හා සංජය කණිෂ්ක යන මහතුන්ද සහය වු බව මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙි අතර බලංගොඩ රාස්සගල ප්‍රදේශයේ සිදුකල ගවෙිෂණයකදි .අතිතයේ එකතුකල කෞතුක නිදර්ශක විශ්ලේශණයෙන් මෙරටට ආවෙිනික නව සර්ප විශේෂයක් ලොවට හදුන්වාදිමට ලන්ඩන් ස්වභාවවිද්‍යා කෞතුකාගාරයේ උරග හා උභයජිවි පර්යේෂක පරිනාමික ජිව විද්‍යාඥ ආචාර්ය ඩෙිවිඩි ගෝවර් මහතාද සමත්ව තිබෙි.ඒ මහතා මෙම නව සර්ප විශේෂය නමි කර ඇත්තේ Rhinophis mendis හෙවත් මෙන්ඩිස්ගේ තුඩුල්ලා ලෙසයි.ඒ මෙරට කිර්තිමත් උරග හා උභයජිවි පර්යේෂකයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා වසර විසිඅටකට වැඩි කාලයක් මෙරට උභයජිවි හා උරගයන් පිලිබදව පර්යේෂණ වල නියැලෙමින් මෙරටට ආවෙිණික නව උරග හා උභයජිවි විශේෂ 30කට වැඩි ප්‍රමානයක් ලොවට හදුන්වාදිමට කල සුවිශේෂි කාර්යභාරයට ගෞරවයක් පිනිසය.
රෑප විද්‍යාත්මකව දෙපත් තුඩුල්ලාට (Rhinophis homolepis) බොහෝ සමානකමි ඇති මෙම නව විශේෂය බලංගොඩ රාස්සගල ප්‍රදේහයට පමනක් සිමා වි තිබෙි.මෙම විශේෂයේ පලමු නිදර්ශකය 1894-1925 යන කාලවකවානුවේදි එකතුකරන්නට ඇතියි විශ්වාස කෙරේ.රක්වාන, වැල්ලවාය,හා ගොඩිගමුව ප්‍රදේශවලින් එකතුකර ඇති දෙපත් තුඩුල්ලා හා මෙන්ඩිස්ගේ තුඩුල්ලාට සමාන නිදර්ශක තවත් නව විශේෂ විය හැකි බැවින් ඔවුන් පිලිබදව තවදුරටත් පර්යේෂණ සිදුකලයුතුව ඇතැයි ආචාර්ය ගෝවර් මහතා පවසයි.


මෙන්ඩිස්ගේ තුඩුල්ලා,දෙපත් තුඩුල්ලාගෙන් වෙන්වන ප්‍රධාන සාධකය වන්නේ අවම උදරිය කොරළ සංඛ්‍යාව බව පර්යේෂකයන්ගේ අදහසයි(කොරළ 159-177) එමෙන්ම දෙපත් තුඩුල්ලාගේ තුන්ඩ කොරලයේ පෘෂ්ඨිය පෙදෙස දෙපත් තුඩුල්ලන්ට සාපේක්ෂව උල්වි තිබෙි.
මෙම නව පර්යේෂණ කටයුතු සදහා මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පර්යේෂකයන්ට මුල්‍ය සහයෝගය ලබාදි ඇත්තේ එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ සුඵ මුල්‍යාධාර වැඩසටහන,ඩිල්මා ආයතනය හා කොමර්ෂල් බැංකුව විසිනි

ලංකාවට ආවේණික වූ තවත් සර්පයන් දෙදෙනෙක් නකල්ස් වලින් සොයා ගනී.