
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් 10දෙනෙකු අද (14) පෙරවරුවේ රෝහලේ කසළ බැහැර කිරීමේ කටයුතුවල නිරතව සිටියදී ගෑස් කාන්දුවීමක් හේතුවෙන් ඇති වූ ශ්වසන අපහසුතා නිසා රෝහල් ගත කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ විෂ දුමක් ආග්‍රහණය වීමෙන් ශ්වසන අපහසුතා ඇතිවූ බවත් මේ වන විට ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.