රෝහල් ගත වූ රන් දෙපා යුග

බොහෝ දෙනා විසින් හඳුන්වන ආකාරයට මෙතෙක් ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වන පේලේ බ්‍රසීලයේ රෝහලකදී සහන සත්කාර වෙත යොමු කර ඇත්තේ බඩවැලේ පිළිකාවට එරෙහි සටනේදී ඔහු තවදුරටත් ඖෂද සඳහා ප්‍රතිචාර නොදක්වන හෙයිනි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පසුගිය සතියේ රෝහලට ඇතුලත් කළ 82 හැවිරිදි පේලේ වෙනුවෙන් යාඥා කරන ලෙස සමාජ මාධ්‍ය පුරා ඔහුගේ රසිකයන් විසින් ඉල්ලීම් කර ඇති බවයි
‘සාමාන්‍ය ඉදිමුම’ සහ ‘හෘදයාබාධ’ හේතුවෙන් අඟහරුවාදා බ්‍රසීලයේ සාඕ පවුලෝ හි ඇල්බට් අයින්ස්ටයින් රෝහලට පේලේ ඇතුළත් කර ඇති අතර ඔහුගේ දියණිය කෙලී අවධාරනය කර ඇත්තේ බියවීමට කාරනාවක් නොමැති බවයි.කෙසේ වෙතත්, Pele ඔහුගේ බඩවැලේ පිළිකාවට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සිදු කරන රසායනික චිකිත්සක ප්‍රතිකාරයට තවදුරටත් ප්‍රතිචාර නොදක්වන බව පැවසීය.
මේ වන විට ඔහු රෝග නිවාරණ ප්‍රතිකාරයේ සිටින අතර පරීක්ෂණ හෝ ප්‍රතිකාර සඳහා යොමු නොකරන බව රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කරයි. ඔවුන් සඳහන් කරන්නේ රෝග නිවාරණ සත්කාර යනු ජීවිතයට තර්ජනයක් විය හැකි රෝග හෝ තත්වයන් ඇති රෝගීන් සඳහා ජීවිතයේ සිදුකරන අවසාන ප්‍රතිකාරය බවයි.