රෝහල්වල වැඩවර්ජනය තාවකාලිකව නවතී

රට පුරා දියත් කොට තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තීයවේදීන්ගේ එකමුතුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අනුව හෙට (16) දින උදෑසන 8 සිට වැඩ වර්ජනය තාවකාලිකව නවතිනු ඇත.