fashion කියලා කිව්වම ගොඩක් දෙනෙක්ගේ ඔලුවට එන්නේ ඇඳුම්. ඊට පස්සේ තමයි අනෙකුත් දේවල් මතකයට ගලාගෙන එන්නේ. නිකමට හිතලා බලන්න කව්රු හරි දැක්කම ඕන කෙනෙක් බලන්නේ එයා ඇඳලා ඉන්න shirtඑක T/shirt එක skirtඑක denim, Blouse ඒ අයට ගැලපෙනවද කියල. ඒකෙ color ගැලපෙනවද කියලා. ඊට පස්සේ තමයි අනිත් දේවල් ගැන හිමි හිමින් හැම දෙනෙක්ම අවධානය යොමු කරන්නේ. ඉතින් එහෙම බලනකොට ඇඳුම කියන එක Fashion අතරෙ මාර දෙයක් වෙලා තියෙනවා.
සංස්කෘතියෙන් හැදුණු fashion..
ලෝකෙ මිනිස්සු ඇඳුම් අඳින්න පුරුදු වුණේ අද ඊයෙක නෙවෙයි. ඒකෙ ඉතිහාසය අවුරුදු දහස් ගානකට එපිටට අපිව අරගෙන යනවා. මූලිකවම මේ දේවල් මිනිස්සු කරන්න පටන් ගත්තේ කාලගුණික, දේශගුණික කියන සාධක මත. මේ කාරණාව නිසා මූලිකවම උෂ්ණාධික කලාපවල ඉන්න පිරිස් අඩු ශරීර ආවරණය සහිත ඇඳුම් වගේම ශීත කාලගුණික තත්වයන් යටතේ ඉන්න මිනිසුන් වැඩි හරියක් ශරීරය ආවරණය වන ඇඳුම් අඳින්න පෙළඹුණා. මේ දේවල් මෙහෙම වෙනකොට ඔය අතරේ විවිධ සංස්කෘතීන් බිහි වෙන්න පටන් ගත්තා. ඒ ගොඩනැඟුණු සංස්කෘතීන් ඔස්සේ ගලා ආ විධික්‍රම අනුව තමයි අපි අද දවසේ නොයෙක් නොයෙක් තැන් වලට එකම විදියේ ඇඳුම් ආයිත්තම් අඳින්නේ නැතුව සුදුසු තැන් වලට සුදුසු ඇඳුම් අඳින්න වගබලා ගන්නේ. මේ නොයෙක් විදියේ විවිධත්වය අනුව නයිට්ක්ලබ්, පන්සල , පාසල, කාර්යාලය කියන සියලු තැන් වලට එකකින් එකකට වෙනස් වූ විදිහේ ඇඳුම් යන්න අපි පුරුදු වෙලා තියෙන්නේ.
නොදන්නා fashion එළියට..
ඒ දේවල් එහෙම වෙනකොට, නිරුවත්ව ඉඳපු මිනිස්සු ඇඳුම් අඳින්න පුරුදු වෙනකොට ලෝකෙ තවත් පැත්තකින් විවිධ අංශ වලින් දියුණුවක් දකින්න පටන් ගත්තා. නොයෙක් ආකාරයේ කර්මාන්තශාලා වගේම ඒ ඔස්සේ රැකියා අවස්ථා බිහි වෙනකොට එතනදී ඉස්සෙල්ලාම එළියට පැන්න එක තමයි තරගකාරීත්වය. ඉතින් තරගයක් දෙන්නනම් නිකංම ඉඳලා බෑ ඒකට මිනිස්සුන්ගෙ හොඳ පෞරුෂයක් වගේම ආකර්ෂණයකුත් තියෙන්න ඕන. ඒක නිසා ආකර්ෂණය තමා වෙත නතු කර ගන්න සියල්ල පෙළඹිය යුතුයි. මේ කාරණාවෙන් තමයි කවුරුත් දන්න විදිහට නොදන්න fashion එළියට එන්න පටන් ගත්තේ. මෙන්න මේ කතා කරන තැනට ආවට පස්සෙ එක එක විදියේ fashion ඇති වෙන්න පටන් ගත්තා.

දැනගෙන කරමු ..
හැමදාමත්, හැම තැනකටම, හැමෝටම සෙට්වෙන fashion මේ ලෝකෙ කොහේවත් නෑ. ඒක නිසා ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය නෙවෙයි වෙනත් විදේශීය රටවල් කරන කියන හැමදේම ලංකාවට හරියන්නේ නෑ. ඒක හින්දා අපි fashion කරන්න ඕන දැනගෙන. මුලින්ම කිව්වා වගේ fashion බිහි වෙනකොට ඒ ආශ්‍රිතව තවත් විවිධ තත්ව යටතේ රැකියාවන් බිහි වෙන්නත් පටන් ගත්තා. එකේ ප්‍රතිඵලය තමයි fashion designers ලා බිහිවීම.
හැමදාමත් එක වගේ නෑ ..
කොයි හැටි වෙතත් කාලගුණය, දේශගුණය පවා මොහොතින් මොහොත වෙනස් වෙන ලෝකයක fashion කියන දේ හැමදාමත් එකම තැන එක විදිහට තියෙන්නෙ නෑ. ඒක දවසින් දවස වෙනස් වෙමින් නොයෙක් විදියෙ පරිවර්තන වලට ලක්වෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ගිය අවුරුද්දේ ආපු fashion අද වෙනකොට කෝ කියන එක. ඒවා මේ වෙනකොට out of fashion වෙලා ඉවරයි. දවසින් දවස මොහොතින් මොහොත ලෝකෙට අලුත් විලාසිතා ඉදිරිපත් වෙනවා. මේ දේවල් බහුතරයක් මිනිස්සු පිළිගන්නවා වගේම රිජෙක්ට් කරන වෙලාවල් නැතුව නෙමෙයි. ඒක තමයි පොදු කතාව. හැමදාමත් fashion කියන දේ එක විදිහට තියනවනම් අපි තවමත් ගල්යුගයෙ ඇඳුම් ආයිත්තම් අඳින්න පුළුවන්. එහෙමත් නැත්නම් 50, 60 දශක වල තිබුණු විලාසිතාවන් ඒ විදිහටම කරගෙන පැත්තකට වෙලා ඉඳියි. අන්න එහෙම නොවෙන නිසා මේ කාලයන්වලදී නොයෙක් ආකාරයේ fashion බිහිවීම තුළ fashion trends ඇති වෙන්න පටන් ගන්නවා.

fashion කියන්නේ සාගරයක් වගේ..
ලෝකයේ තියන fashion එක්ක ගත්තාම ලංකාව තියෙන්නේ වෙනම තැනක. මොකද ලංකාවේ fashion කියන සාධකයට මූලිකවම හරස් වෙන්නේ මිනිසුන්ගේ අඩු ආදායම් තත්වය. අන්න ඒක නිසා ගොඩක් දෙනෙක් කරන්නෙ තමන්ගෙ අතට ලැබෙන මුදලට හරියන විදියට ඇඳුම් අඳින්න පෙළඹෙන එක. හැබැයි මේ අතරේ Branded ඇදුම් අදින අයත් නැතුවම නෙවෙයි. ඉතින් අපි මේ යන්තමින් කතා කරේ fashion ගැන පොඩි කතා බහක් විතරයි. සරළවම කියනවානම් fashion කියන්නේ සාගරයක් වගේ. ඒ අතරේ අපි කතා කරේ පුංචි දෙයක්. Fashion කියන්නේ එසේ හිසේ සිට පාදාන්තය දක්වාම සියලුදෙනාම වෙනස් ආකාරයේ පුද්ගලයකු බවට පත් කරන්නක්. අපි බරටම fashion ගැන කතා කරමු. හිතන්න එපා fashion කියන්නේ ඇඳුම් විතරක් නෙවෙයි.
ටෙෂාන් ඉෂංක