රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල ඊයේ දිනයට වඩා අද දිනයේ වෙනසක් සිදු වී තිබේ. එනම්, ඊයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් සඳහන් විණි.

නමුත් අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් බවත් විකිණුම් මිල රුපියල් 328.90ක් බවය.

මේ අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත.