රිසි ලෙස සම රිසි

බාබඩෝස් මහාධිකරණය පසුගිය සඳුදා එරටට වැදගත් තීන්දුවක් නිකුත් කරමින් පවසා සටියේ සමලිංගික සේවනය නීතිගත කරන බවයි. සමලිංගික සේවනය සාපරාධී ලෙස සලකන යටත් විජිත යුගයේ නීති බාබඩෝස් හි ඉහල උසාවිය විසින් ඉවත් කර දැමීමට තීරණය කර තිබීමත් සමඟ තීන්දුව අනුව ලිංගික හැසිරීමට වරදකරුවන් වන සමලිංගික පිරිමින්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන නීතිය මින් අවලංගුවේ. මේ වසරේ සමලිංගික සේවනය නීතිගත කළ කැරිබියන් දූපත් වල තුන්වන ජාතිය වන්නේ බාර්බඩෝස් ය.