රාජ්‍ය සේවක වැටුපේ වෙනසක්

ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බව අද (22) උදෑසන පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

IMF විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ අදහස් දක්වමින්, රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ දී ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස මෙම වැටුප් වැඩි කිරීම සිදු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.