රාජකීය තැපෑලත් වැඩ වර්ජනයක

එංගලන්තයේ තැපැල් සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ වයඹ එංගලන්තය, නිරිතදිග ලන්ඩන් සහ එසෙක්ස් යන ප්‍රදේශවල තැපැල් මලු ගොඩගැසී ඇති බව එරට මාධ්‍ය විසින් සඳහන් කරයි. තැපැල් සේවයේ කාර්යබහුලම කාලපරිච්ඡේදයක් වන දෙසැම්බර් මාසයේදී රාජකීය තැපැල් සේවකයින් 100,000 කට වැඩි පිරිසක් දින හතක් පුරා වැඩ වර්ජනයක නිරත වීමෙන් එදිනෙදා සේවාවලට එය බලපානු ඇතැයි බලධාරීන්ගේ අදහසයි. කෙසේවෙතත් දෙසැම්බර් 9 සහ 11 යන දිනවල තවත් වැඩ වර්ජන තැපැල් සේවකයන් විසින් සැලසුම් කර ඇති බව ඔවුන් විසින් සඳහන් කරයි.