
නිල් මහ සටන ලෙස හැඳින්වෙන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද (18) පැවති 144වන තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය. ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමේදී සියලු දෙනා දැවි රැස් කර ගත්තේ ලකුණු 153ක් පමණි.
රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිමට ලකුණු 168ක් රැස් කළ අතර ශාන්ත තෝමස් විද්‍යාලය රැස් කළේ ලකුණු 161කි.
මේ අනුව නිල් මහ සටන ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.