රහස් පාර්සලයෙන් යුක්‍රේනය ඇවිස්සෙයි

ස්පාඤ්ඤයේ යුක්‍රේන තානාපති කාර්යාලය වෙත කිසිවෙකුත් නොදන්නා අයගෙන් පාර්සලයක් ලැබීමත් සමඟ ඒ පිලිබඳ පරීක්ෂන පැවැත්වීමට බලධාරීන් විසින් කටයුතු යොදා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සිදුවීමත් සමඟ තානාපති කාර්යාල පරිශ්‍රය අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් කාර්යාලයට ලැබුණු පාර්සලයේ තිබී ඇත්තේ සත්ත්වයන්ගේ ඇස්ය.
මෙම සිදුවීමෙන් පසුව ඉතාලිය, නෙදර්ලන්තය, ක්‍රොඒෂියාව, පෝලන්තය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.