
ඇෆ්ගනිස්ථානය හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරග 03ක් ලබන මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබු අතර
ඇෆ්ගනිස්ථානයේ දේශපාලන අස්ථාවරභාවය භේතු කර ගනිමින් ඔස්ට්‍රේලියාව ඉන් ඉවත් වීමට තීරණය කර තිබුණි.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු රජයේ උපදෙස් මතය.
මෙම සිදුවීම හේතු කරගනිමින් සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් බිග් බෑෂ් තරගාවලියට ඉදිරියේ දී සහභාගීවීම ගැන තමන් සලකා බලන බව පවසමින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තම කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිත වූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ගත් තීරණය මීට හේතු වූ බවයි.
තවදුරටත් ඔහු පවසා සිටින්නේ වර්තමානයේදී ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශාල ප්‍රගතියක් ලබා සිටින අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම තම රට සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරිම ගැන කණගාටුවන බවයි.
