රඹුක්කනදී ගිනි බින්ද අයට වැඩ වරදී


රඹුක්කන දී සිදුවූ වෙඩි තැබීමට නියෝග දුන් සහ වෙඩිතැබූ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට අද (27) නියෝග කර තිබේ.

ඉන්ධන ප්‍රවාහන බව්සරයකට අරගලකරුවන් බාධා කිරීමක් හේතුවෙන් රඹුක්කනදී අප්‍රේල් 19 සිදුකෙරුණු මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගිය අතර 28 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කරන ලදී.

Scroll to Top