
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයට පුහුණුවක් සඳහා පැමිණ සිටි පාසල් සිසුවියකට ලිංගික අතවරයක් කිරීමට පුද්ගලයකු උත්සාහ කර ඇතැයි වාර්තා වේ.
මෙම මධ්‍යස්ථානයේ පැවැත්වෙන තූර්යවාදක පුහුණුවක් සඳහා සතියකට පැමිණ සිටි සිසුවියක් නේවාසිකාගාරයේ නිදාගෙන සිටියදී අලුයම් කාලයේ එහි ඇතුළු වූ පුද්ගලයකු එම සිසුවිය නිදා සිටින ස්ථානයට පැමිණ එම සිසුවියගේ සිරුර අතපත ගා තිබේ. එක වරම සිසුවිය නින්දෙන් අවදි වී කෑගැසා ඇත. එවිට එම පුද්ගලයා පලා ගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.
නේවාසිකාගාරයේ තමන් නිදා සිටි ඇඳ අසලට කෑලෑ ඇදුමක් ඇඳගෙන පැමිණ එම පුද්ගලයා තමාගේ එක් කකුලක් අතගෑ අවස්ථාවේ තමා අවදි වී කෑ ගැසූ විට ඔහු වහා කලබල වී කොරිඩෝව දිගේ දිව ගිය බව එම සිසුවිය විසින් හසලක පොලිසියට පැමිණිලි කර තිබේ.
එම නේවාසිකාගාරයේම තවත් පාසල් සිසුවියක් එදිනම ඇය නිදා සිටි ඇද අසල පිරිමි පුද්ගලයකු සිටිනවා දැක බියට පත්ව ඇතැයි ද පොලිසිය පවසයි.
මෙම පාසල් සිසුවියන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයන් දෙකක ඉගෙනුම ලබන සිසුවියන් බව සඳහන්.
සිසුවියන් දෙදෙනාට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර පලාගිය පුද්ගලයා සොයා හසලක පොලීසිය පුළුල් පරීක්ෂණ අරාම්භ කර ඇත.