රත්තරන් සමඟ පහක් දැළේ

මුම්බායි වෙත යාමට සැලසුම් කර සිටි පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිටවීමේ පර්යන්තයේදී ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ,

ඔවුන් සතුව රත්‍රං හා රන් ආභරණ කිලෝග්‍රෑම් 10.5ක තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 160ක් පමණ බව රේගුව පවසයි. .

මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය