
වෙළෙඳපොළ දත්තවලට අනුව මෙරට රත්‍තරන්වල මිල යළි ඉහළ යෑමට පටන් ගෙන තිබේ. ඊයේ (29) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රු. 161,000ක්ව තිබූ කැරට් 22 රන් පවුමක මිල අද (30) පෙරවරුවේ රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර ඊයේ රු. 175,000ක් ලෙස තිබූ “කැරට් 24” රන් පවුමක මිල අද වන විට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රන් වෙළෙඳපොළෙහි හිමිකරුවෝ පවසති.