යුද්ධය ගැන කතා නොකළ පුටින්ගේ පෙම්වතී

ගණනක් මාධ්‍ය හමුවට පැමිණියද පසුගියදා ජිම්නාස්ටික් වළල්ලක හැඩැති නව ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම සඳහා සහභාගිවිය. රුසියාවේ හෙළි නොකළ ජනාධිපති ආර්යාව අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ සැප්තැම්බර් මාසයේදීය. ඇය මේ අවස්තාවට සහභාගිවෙමින් සඳහන් කලේ
“මම ජිම්නාස්ටික් ක්‍රීඩාවේ යෙදී සිටියදී සහ මලල ක්‍රීඩිකාවක් වන විට මෙවැනි නව ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ගැන සිහිනෙන්වත් සිතිය හැකි වුනේ නෑ. රුසියාව විශාල අවස්ථා ඇති රටක් අපට මෙයින් පෙන්නුම් කරන්නේ ජීවිතයේ කළ නොහැක්කක් නොමැති බවයි” යනුවෙනි
එහෙත් මේ සම්බන්ධයෙන් තවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලැබුවේ Alina සෝචි හි නව සංකීර්ණය විවෘත කරමින්, 70 හැවිරිදි පුටින් ඔහුගේ මොස්කව් නිවසේ පඩිපෙළ මත ලිස්සා ගොස් ඇති බවත්, පිළිකා සහ වෙනත් සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවත් ප්‍රකාශ කිරීමට පෙළඹුනේ නැති බවයි. එමෙන්ම රුසියානුවන් 100,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර හෝ ආබාධිත වූ බවට විශ්වාස කෙරෙන යුක්රේනයේ ඔහුගේ යුද්ධය ගැනද ඇය සෘජු සඳහනක් කළේ නැති බවයි