යුක්රේන ආක්‍රමණයට එක්ව සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියා යුද ටැංකි අණදෙන නිලධාරියකුට යුක්රේන අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ඊයේ නියම කෙරිණි. එය පසුගිය පෙබරවාරි මස රුසියා හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියා හමුදා නිලධාරියකුට යුද අපරාධ සම්බන්ධව දඬුවම් පැනවූ පළමු අවස්ථාවය.
සාජන්ට් වැදිම් ශිෂිමරින් නමැති මේ හමුදා නිලධාරියාට එල්ල වූ චෝදනාව වූයේ යුක්රේනයේ උතුරු දිග පළාතේදී 62 හැවිරිදි ඔලෙක්සැන්ඩර් ශෙලිපොව් නමැති සිවිල් වැසියකු ඝාතනය කිරීමය.
සිවිල් වැසියාට වෙඩි තැබීමේ චෝදනාව රුසියා හමුදා නිලධාරියා පිළිගත් බවත්, එය සිදුවූයේ හමුදා නායකයන්ගේ නියෝගය මත බවත් ඔහු වැඩිදුරටත් උසාවියේදී ප්‍රකාශ කර තිබේ.
යුක්රේනයේ යුද අපරාධ සිදුකළ බවට චෝදනා ලැබූ තවත් රුසියා හමුදා නිලධාරීන් රැසකට එරෙහිව මේ වනවිට පරීක්ෂණ පවත්වමින් තිබුණත්, සිය හමුදා යුක්රේනයේදී සිවිල් වැසියන් ඝාතනය කිරීමේ චෝදනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එහෙත් යුක්රේනය ප්‍රකාශ කර ඇත්තේ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගත වූ කාලය ඇතුළත රුසියා හමුදාව යුක්රේනයේ සිවිල් වැසියන් 11,000කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කර ඇති බවය.
