යාල්දේවි අනතුරක: දුම්රිය කිහිපයක් ප්‍රමාදයි

කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වන යාල්දේවි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම අසලදි පීලිපැන තිබේ. දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරන්නේ යාල්දේවී දුම්රියේ මැදිරි දෙකක් මෙලෙස පීලි පැන ඇති බවත් මේ නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත්ය.

කොළඹට පැමිණෙන දුම්රිය කිහිපයක් මේ නිසා ප්‍රමාද විය හැකි බවත් දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පැවසීය. පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ.