යාපනෙත් නැති ක්ලේමෝ බෝම්බ අහුන්ගල්ලේ කරවල වාඩියක

තංගල්ල මුලස්ථාන මුලස්ථාන පොලිස් පරික්ෂක ජයවික්‍රම මහතාට ලැබුන තොරතුරක් අනුව
අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බයක් සොයාගැනීමට හැකිවී තිබේ . මෙය සොයාගැනීමට හැකි වී ඇත්තේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබියදීය.

මෙය සම්බන්දයෙන් සැකකරුලෙසින් හඳුනාගෙන ඇති කරවල වියලිමේ මධ්‍යස්ථානයේ හිමිකරු මේ වනවිට විදේශ ගතව ඇති අතර බව බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. සැකකරු කොස්ගොඩ සුජිගේ ගෝලයෙකු බවටත් අනාවරණයවි ඇත.
මේ සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂන අහුංගල්ල පොලිසිය විසින් පවත්වා ගෙන යනු ලැබේ.